Advertisement

විරුද්ධ පක්ෂ දේශපාලඥයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ‍ජනතාව සංවිධානය කිරිමට එක්සත් ජාතික පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ව වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ හා ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මාර්ගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

එක්සත් ජාතික පක්ෂය,ජාතික හෙළ උරුමය,ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (26) දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මෙම තීරණය දැනුම්දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවය හා සජිත් පාර්ශවය නියෝජනය කරමින් මෙතෙක් කලක් වාද විවාද කළ රවී කරුණානායක,අකිල විරාජ් කාරියවසම්,විජේපාල හෙට්ටිආරච්චි,අජිත් පී.පෙරේරා,ඉරාන් වික්‍රමරත්න,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,රවීන්ද්‍ර සමරවීර යන මහත්ම මහත්මින් සමඟ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන්,ජාතික හෙළ උරුමයේ කරුණාරත්න පරණවිතාන යන මන්ත්රිීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදි අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව සිදුකරගෙන යන විරුද්ධ දේශපාලඥයින් දඩයම් කිරීමේ න්‍යාය පත්‍රයට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements