Advertisement

ජනාධිපතිවරණයට පෙර පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කරන ලද්දේ සමාජයේ පෙදු යහපත වෙනුවෙන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

එම මාධ්‍ය හමුවේ දී හෙළි වූ සුදු වෑන් සිද්ධි ගැන විමර්ශන නොකර එය සංවිධානය කළ රාජිත සේනාරත්න මහතා ගැන විමර්ශනය කිරීම භාෂණයේ නිදහස සීමා කිරීමක් බවද ඔහු සඳහන් කරයි.

අදාල පුද්ගලයින් දෙදෙනා සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සලසා දෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවී කර තිබූ ඉල්ලීමක් මත එය සිදු කර ඇත්තේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් බව ද කාරියවසනම් මහතා පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාල මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් අදාල පුද්ගලයන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හෙළි වී ඇත්තේ එම මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් ඒවා රාජිත සේනාරත්න මහතා විසින් කොලයක ලියා දෙන ලද ඒවා බවත්ය.

මේ බව රහස් පොලිසිය විසින් අධිකරණයට ද වාර්තා කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements