Advertisement

රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර වන තුරු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්‍ෂ ව්‍යවස්තාව අනුව කිසිදු හැකියාවක් නැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්සංක නානායක්කාර මහතා සදහන් කරයි.

2019 වසරේදී පැවති පක්ෂ සම්මේලනයේදී ඉදිරි වසර 06 සඳහා ද පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සම්මත වූ බවත් ඒ අනුව 2025 වසර වන තුරුම ඔහු පක්ෂයේ නායකත්වය දරනු ඇති බවත් නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට නම් ක්‍රම දෙකක් ඇති බවත් එනම් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්වීම සහ නායකත්වය වෙනස් කිරීමට පක්ෂ විශේෂ සම්මේලනය කැඳවීම් බවද ඔහු කියයි.

නමුත් පක්ෂය තුළ පවතින තත්ත්වය මත එම ක්‍රම දෙකම ප්‍රායෝගික නැතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements