Featured News

Video Gossip

Advertisement

ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එකී අරමුණ වෙත ළගා විමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සක්‍රීයතාව කාලීන අවශ්‍යතාවකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සහ ජනාධිපතිතුමා අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දි මේ අදහස් පළ කළේය.

ජනාධිපතිවරණයේ දී සිය ජයග්‍රහණය සඳහා බිම් මට්ටමේ විශාල ශක්තියක් වු සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ජනාධිපතිතුමා සිය ස්තූතිය පුද කළේය.

“සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමකි.” ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකිම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“කැළි කසළ ඉවත් කිරීමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා ඉන්නවා. දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රජයේ සේවකයන්ගේ වගකිමක්” ජනාධිපතිතුමා පැවසීය. රාජ්‍ය සේවය සෑමවිටම දුෂණයෙන් තොර විය යුතු බව ද අවධාරණය කෙරිණි.

“රට සංවර්ධන මගට යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් තිබියදී 2015 දී පැවති රජය පරාජයට පත් විය. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ සාධක අවබෝධ කරගත යුතුය.” නැතහොත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා නොහැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය

කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයන් සුරක්ෂිත කරමින් අහිමි වූ රැකියා නැවත ශ්‍රම බලකායට දායක කළයුතුය. එමඟින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

විදේශීය ආයෝජකයන් 2015ට පෙර රට කෙරෙහි තබා තිබූ විශ්වාසය නැවත ඇති කළ යුතුය. රට නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේ දී විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසිය.

අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ මේ වන විටත් ගොවීන්ට ලැබෙමින් පවතී. එමෙන්ම බදු සහන සහ සෙසු උපාය මාර්ගවල ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධවක් වී තිබේ. මෙය ඉවත් කර ගැනිමට ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනතා අපේක්ෂා ඉටුකිරීමට ඉවහල් වන ප්‍රධානතම සාධකය එය බව ද ජනාධිපතිතුමා කීය.

පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි හා ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු ද හමුවට සහභාගී වූහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements