Featured News

Video Gossip

Advertisement

නව රජය හමුදා පාලනයක් හා සමාන දරදඬු පාලනයක් සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කරමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා චෝදනා කරයි. 

රාජ්‍ය පද්ධතිය තුළ මුල් පුටු සඳහා සිවිල් සේවයෙහි සිටින ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කිරීමෙන් මෙය පැහැදිලි වන බවයි ඒ මහතා සඳහන් කළේ. 

"මේ රාජ්‍ය ව්‍යුහය තුළ, රාජ්‍ය පද්ධතිය තුළ විශාල වෙනස්කම් රාශියක් කරගෙන යනවා. අපට පෙනෙන ප්‍රධානතම වෙනස්කමක් තමයි මුල් පුටුවලට හමුදාවල විශ්‍රාමික ඉහළ නිලධාරීන් තමයි පත් කරමින් යන්නෙ. සිවිල් සේවයේ ඉන්න ඒ ඒ වෘත්තීන් පිළිබඳ විශේෂ හැකියාවක් තියෙන අය පැත්තකට දමමින් මිලිටරිකරණය වෙච්ච මානසිකත්වයක් තියෙන හමුදා ප්‍රධානීන් ටික තමයි දැන් මේ පුටුවල ඉන්දවමින් ඉන්දවමින් යන්නේ. 

හමුදා පාලනයක් හා සමාන දරදඬු පාලනයකට අරන් යන කටයුත්තට මූලික අඩිතාලමක් තමයි මේ දමමින් දමමින් ඉන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයට මිලිටරි නායකයින් විශාල ප්‍රමාණයකට නාමයෝජනා දීලා ඒ අය පාර්ලිමේන්තුවට ගෙනල්ලා තමන් ප්‍රිය කරන මිලිටරි ත්‍රස්තවාදයක් කරා ගෙනයන්න හදනවාය කියන කාරණය අවධානයට යොමු කරන්න ලෑස්තියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements