Advertisement

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගණිත මාධ්‍ය නව නිර්දේශයෙන් මෙවර දිවයිනේ පළමු ස්ථානය දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකායි. මොරටුවේ කොරවල්ල ප්‍රදේශයේ දිළිඳු පවුල් පසුබිමකින් පැමිණි ඔහු දිවයිනේ ප්‍රථමයා දක්වා ආ ගමන දුෂ්කර වූවකි.

මේ දක්වා උසස් පෙළ පළමු ස්ථාන දිනූ සිසුන් මාධ්‍යයට නොකී ආකාරයේ
විශේෂ ප්‍රකාශයක් මේ සිසුවා ඊයේ සිදු කළේය. දරුවෙකුගේ දියුණුව පතන ඕනෑම දෙමාපියෙකු දරුවා උසස් තැනකට යනු දැකීමට ප්‍රාර්ථනා කරන අයුරුත් ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විඳින්නට කැපකිරීමක් කරන්නට ඔවුන් සූදානම් අයුරුත් මෙම සිසුවාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් විය.

වෙනත් උසස් පෙළ පළමුවැනියන් පාඩම් කරන හැටි ටීවී නොබැලූ හැටි ටියුෂන් නොගිය හැටි ආදී විවිධ කතා කියද්දී තම දෙමාපියන්ට තුති පුදමින් ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් මෙසේ කීවේය.

“මම මොරටුවේ කොරවල්ලේ.අපි ලොකු පන්තියක කට්ටියක අය නෙමේ.
තාත්තා විඳපු දුක මට කිව්වේ නෑ.මම නමුත් දන්නවා.තාත්ත මට කන්න දුන්නට එයාට කන්න නැති අවස්ථා තිබ්බා.මට ඕනි වූණේ මොරටුව කැම්පස් යන්න විතරයි.

අම්මට වගේම තාත්තට සතුටක් සහ ගරුත්වයක් දෙන්නේ තමයි මම රෑන්ක් එකක් ගන්න උත්සාහ කළේ. මම මේක අවස්ථාවක් කර ගන්නවා ඒ දෙන්නට පින් දෙන්න.”





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements