Featured News

Video Gossip

Advertisement

පාදයේ ඇතිව තිබූ තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පොළොන්නරුව රජයේ මහ රෝහලට ඇතුළත්වූ තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිළිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත එන්නතක් ශරිර ගතකිරීමෙන් බරපතළ ලෙස රෝගාතුරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉතා අවසනාවන්ත අන්දමින් (04දා) ජීවිතක්ෂයට පත්වුවාය.

ගල්විහාරය අසල පොළොන්නරුව නව නගරයේ පදිංචිව සිටි 52 හැවරදි තිදරු මවකවූ මානෙල් කුමාරි අමරකෝන් මහත්මිය පොළොන්නරුව මහ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නියුතුව සිටි කාර් ය මණ්ඩලයේ නොසැලකිලිමත් රාජකාරි සිදුකිරීම හමුවේ සිය දිවිය (04දා) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවසන් කළාය.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා ඇතිවු තුවාලයකට ප්‍රතිකාර ගැනීමට ගිය ඇයගේ එක් පාදයක විලුබ ප්‍රදේශයෙන් කපා ඉවත්කර තිබු අතර එම තුවාලය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදි ඇයට යාබද ඇඳේ සිටි පියයුරු පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට ලබාදෙන එන්නතක් වැරදි අන්දමින් ශරිරගත කිරිම නිසා රෝගි තත්වයට පත්වි වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමුකර තිබුණාය.

පාදයේ තුවාලයට ප්‍රතිකාර සඳහා ඉතා හොඳ ශරීර තත්වයකින් පොළොන්නරුව රෝහලට ගිය ඇයට පිළිකා මර් දන එන්නත එල්ලකිරීමෙන් පසුව ඇටසැකිල්ලක් තත්වයට පත්වි ශ්වසන අපහසුතාවකට පත්විම නිසා කෘතිම ශ්වසනය ලබාදෙන තත්වයට පත්ව සිටියාය.සිය මවගේ මරණයට හේතුව පොළොන්නරුව රජයේ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නිරතවුවන්ගේ දැඩි නොසැලකිල්ල බව ඇගේ පුත්‍රයා පැවසුවේය.

අම්මව මුලින්ම රෝහලට ඇතුළත් කළේ ලයිටරයක් පුපුරලා පාදයේ තිබ්බ සුළු තුවාලයක් සුවනොවිම නිසයි.එම තුවාලයට ප්‍රතිකාර සඳහා ශල්‍ය කර් මයක් සිදුකළා.ඒ ශල්‍ය කර් මයත් වැරදිවිදියට කරලා අම්මාගේ පාදයේ යට පතුලේ තිබ්බ ගල්තැලුමක් එක්කම විලුබෙන් කොටසක්ම අනවශ්‍ය විදියට කපලා ඉවත්කර තිබ්බා.ඒ තුවාලය සුවනොවිම නිසා අම්මා හුගක් පීඩා වින්දා.පස්සේ අම්මාගේ කකුල කපන තත්වයට ආපු නිසා තාත්තා හුඟක් මහන්සිවෙලා ඒ තත්වය මගහැර ගන්නට උත්සහ ගත්තා.මහනුවර ගෙනිහිල්ලා පාදය පෙන්නලා හුඟක් සුවකර ගත්තා.

නමුත් තුවාලය සම්පුර් ණයෙන්ම සුව නොවිම නිසා තමයි නැවතත් අම්මව පොළොන්නරුව රෝහලට ඇතුලත්කරේ.ඒ අතරතුරේදි තමයි අම්මට යාබද ඇදේ හිටපු පියයුරු පිළිකා රෝගි කාන්තාවට දෙන එන්නත විදලා තියෙන්නේ ඒ අතරතුරේ.අම්මට වැරදිලා එන්නත විද්ධ බව වාට්ටු අංක තුනේ සේවය කරපු හෙදියක් තාත්තා ඉන්න තැනම වැරදිලා කියලා තිබ්බා.සර් ලියපු බෙහෙතේ අකුරු දෙකක් වැරදිච්ච නිසානේ මේ ඔක්කොම උනේ කියලා.ඒ වාට්ටුවේ එදා සේවයේ නියුතුවු සියලුම දෙනා දන්නවා අම්මට සිද්ධකරපු අපරාධය මොකක්ද කියලා.

අම්මට එන්නත දුන්නට පස්සේ මුත්‍රා මාර් ගයෙන් හා පිටුපසින් දුම්දානවා පුදුම දැවිල්ලක් තියනවා කියලා තාත්තට කියලා තිබ්බා.මුළු ඇඟම දනවා කියලා තිබ්බා.අම්මට බෙහෙත විද්දට පස්සේ එයා හිටපු ඇදේ කොට්ට මෙට්ට පවා ඉක්මනින් අයින්කරලා.අම්මා ඒ ස්ථානයෙන් ඉවත්කරාට පස්සේ නර්ස් කෙනෙක් ඇවිල්ලා අහලා තියනවා ලෙඩා මැරුණද කියලා.අම්මට මේක ඇහිලා අම්මා බැනලා තියනවා තාම මැරුණේ නෑ ඉන්නවා කියලා.

තාත්තා අම්මව බලන්න ගියපු දවසක වාට්ටු කාර් ය මංඩලය කියලා තියනවා එයා හිටපු ඇදේ කොට්ට මෙට්ට අයින් කරේ බැක්ටිරියාවක් ආපු නිසා කියලා.ඒ අය කරපු වැරද්ද වහගන්න විවිධ බොරු විවිධ මනස්ගාත මැව්වා.නමුත් ඔවුන්ගේ කටවල් වලින් කියවුණා අම්මට වැරදි පිළිකා බෙහෙතක් සහිත එන්නතක් දුන්නා කියලා.අම්මට මැරෙන්න ලෙඩක් තිබ්බේ නෑ.අම්මව එන්නතක් විදලා මරලා දැම්මා.

අනුරාධපුර - 
බී.එම්.විජේසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements