Featured News

Video Gossip

Advertisement

ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව , කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති.

ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවයි.

සුළු අපනයන බෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම මෙහි අරමුණයි.

මේ අතර ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති තවත් ගැසට් නිවේදනයක් මගින් ගුණාත්මකබවින් ඉහළ හා තරගකාරි ගෘහ කර්මාන්ත වන , වෙසක් කූඩු , සරුංගල් සහ හඳුන්කූරූ ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව , කසල පිරිසැකසුම් සහ ප්‍රතිචක්‍රීකරණයට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ද අවසර හිමි නොවේ.

එමගින් දේශීය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය සමග, තත්ත්වයෙන් පහළ ආනයන ද්‍රව්‍ය කවලම් කර ප්‍රතිඅපනයන කිරීම වැළකෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements