මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ජාවාරමක් - උත්සව සමයේ සහල් මිල වැඩි වුණා
gossip lanka
,
local
,
News
,
sahal
මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු සිදුකරන ජාවාරම් ක්‍රියාව නිසා සහල් කිලෝවක මිල රුපියල් සියය දක්වා ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.
මෙම පිරිස් සතුව මාස දහයකට අධික වී තොග තිබෙන බවද, එසේ තිබියදී කෘත්‍රිමව සහල් මිල ඉහළ දමා තිබෙන බවද එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා සඳහන් කළේය.
මේ නිසා බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු කළ යුතු බවත්, මෙය ඉතා භයානක තත්ත්වයක් බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වී තොග රැස් කර ගැනීමට බැංකු විසින් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ට සහය නොලැබෙන නිසා ඔවුන් සතුව මේ වන විට වී තොග නොමැති බවද ඔහු පවසා සිටියේය.

