Featured News

Video Gossip

Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (02දා) පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන්දා හමු වී අදහස් හුවමාරු කර ගත්තේ යපරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා මෙතෙක් කළ විමර්ශන ගැන ලූහුඬින් සඳහන් කළේය.

ප්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැළකිල්ලට ගෙන නැතැයි සභාපතිවරයා කීය. මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බව ද විනිසුරුවරයා පැවසීය.

ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්‍ෂ මහතා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ අභිලාෂය ද එය බව කීය.

”මා ආරක්‍ෂක ලේකම්වරයාව සිටිය දී ආරක්‍ෂක මණ්ඩලය නිතිපතා රැස් වුණා. බුද්ධි අංශ නිලධාරීන් සමග ආරක්‍ෂක තත්ත්වය ගැන නිරන්තරයෙන් සාකච්ඡා කළා. ආරක්‍ෂාවට තර්ජනයක් වන තොරතුරක් ලැබුණු සැණින් නොපමාව අවශ්‍ය පියවර ගත්තා. පිටරටවලින් පැමිණ අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් සිටි දේශකයන් 160ක් පිටුවහල් කළේ ඒ අනුව”, ජනාධිපතිවරයා මෛහිදී පැවැසීය. 

පසුගිය පාලන සමයේ දී ජාතික ආරක්‍ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳවැටුණු බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි වූ බවද පැවැසීය.

ප්‍රහාරය පිළිබඳ සියලූ තොරතුරු අනාවරණය කරගන්නා අතර, මෙවැනි ප්‍රහාර නැවත සිදු නොවනු පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය. ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කර ගත යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. කොමිසමට අවශ්‍ය පහසුකම් සැලසීමට ජනපතිවරයා එකඟත්වය පළ කළේය.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්.එම්.එම්. අධිකාරි කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements