Advertisement

මෙරට ස්විට්සර්ලන්ත නාතාපති හැන්ස් පීටර් මොක් මහතා ස්විට්සර්ලන්ත රජය මගින් එරටට කැඳවා තිබෙනවා. ඒ, මේ දිනවල ආන්දෝලනයට ලක්ව තිබෙන තානාපති නිළධාරිනියක පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් අදාල තානාපති කාර්යාල නිළධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ඇතැම් ප්‍රකාශ පරස්පර වී ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙත පැමිණිලි කර තිබේ. ඔවුන් පවසන්නේ මෙම සිදුවීම සම්පූර්ණ අසත්‍ය, මවා පෑ සිදුවීමක් බවයි.

ඒ අනුව එරට රජය අදාල පැහැර ගැනීම සම්බන්ධයෙන් තානාපතිවරයාගෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements