කොළඹ නගරයට ඇතුළුවන පෞද්ගලික වාහනවලින් විශේෂ ගාස්තුවක් අයකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
අධික වාහන තදබදය සහ පරිසරයට සිදුවන හානිය සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු ක්‍රමවේදය හදුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන්කරයි.
කොළඹ නගරයට ඇතුළුවන වාහන සංඛ්‍යාව ඉහළයාමත් එමගින් මාර්ගවල ඇතිවන අධික තදබදයත් පාලනය කරගත නොහැකි පරිදි වර්ධනය වී ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
වාහන තදබදය අතරතුර නිකුත් කෙරෙන දුම සහ ශබ්දය හේතුවෙන් පරිසරයට දැඩි හානියක් ද සිදුවෙමින් ඇත.
ඒ අනුව කොළඹට ඇතුළුවන වාහන වර්ගීකරණයකිරීමටත් ඒ අනුව නියමිත ගාස්තුවක් අයකිරීමටත් රජයේ අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් කොළඹ නගරය කේන්ද්‍රකර ගනිමින් බොහෝ ආයතන සහ ව්‍යාපාරික ස්ථාන පිහිටුවා ඇති බැවින් කොළඹ මගහැර කටයුතු නොකළ හැකි තත්වයක් උද්ගතව ඇති බවත් එයට විසඳුම් ඉදිරිපත් නොකර මෙවැනි තීරණ ගැනීම අසාධාරණ බව බොහෝ පිරිසකගේ මතය වී තිබේ.

