Advertisement

ඊයේ (23) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ (ඊ -01) කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ දී බහාලුම් ලොරි රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් කාන්තාවක් සහ ශ්‍රී ලාංකික රියදුරෙකු හා විදෙස් ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 62 ක දුරින් පිහිටි කුරුඳුගහහැතැක්ම අන්තර් හුවමාරුව අසලදී කන්ටේනර් ලොරි රථයේ පිටුපස වෑන් රථය වෙත කඩා වැටීමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ 67 හැවිරිදි ශ්‍රී ලාංකික රියදුරු හා ඉන්දියානුවන් හය දෙනෙකු මාතර සිට කොළඹ බලා යමින් සිට ඇත.

කන්ටේනර් ලොරි රථය කිලෝමීටර 25 ක වේගයෙන් ගමන් කරමින් සිටියදී වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටී ඇත. ඇල්පිටිය රෝහල් පොලිසිය පවසන පරිදි වෑන් රථයේ රියදුරු ඇතුළු පස් දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති අතර වෑන් රථයේ රියදුරු සහ ඉන්දියානුවන් දෙදෙනෙකු ඇතුළත් කරද්දී මියගොස් තිබේ.
අනෙක් තැනැත්තා රෝහලට ඇතුළ කළ පසු මියගොස් ඇත.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඉන්දියාවේ සිට මෙරට සංචාරයක නිරත වූ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයින් අතර 44 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක්, ඇයගේ 18 හැවිරිදි පුතු සහ ඥාතියෙකු සිටින අතර අනතුරෙන් තුවාල ලැබු ඇයගේ ස්වාමි පුරුෂයා සහ දස හැවිරිදි දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය වෑන් රථයේ රියදුරු 52 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

අධිවේගී මාර්ග පොලිසිය කියා සිටියේ වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසා රථය, කන්ටේනර් ලොරි රථයේ පිටුපස ගැටී ඇති බවයි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements