Featured News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකවරයා කවුරුන් විය යුතුද යන ගැටලුව එසේම පැවතියදී රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගත වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතා පළමුව සිංගප්පූරුවට ‌ගොස් එතැනින් ‌මොං‌ගෝලියාව බලා පිටත්ව යාමට කටයුතු සැලසුම් කර ඇත.

පසුගිය දින කිහිපයේදී විපක්ෂ නායක ධූරය පිළිබදව වික්‍රමසිංහ මහතාගෙන් විමසීම් කළ මන්ත්‍රීවරුන්ට ඒ මහතා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව වාරවාසාන කිරීමට නියමිත බැවින් පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි යැයි කියාය.

පාර්ලිමේන්තුව ‌බොහෝදුරට අද (02) දිනයේදී වාරවසාන කිරීමට නියමිතය.


පාර්ලිමේන්තු සැසිවාරය කල් තබයි, ගැසට් නිවේදනය අද

පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

අටවැනි පාර්ලිමේන්තුවේ හත්වැනි සැසිවාරය ලබන 12 වැනිදා හෝ 13 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු සැසිවාරය තාවකාලිකව කල් තැබීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 71(1) වගන්තියෙන් ජනාධිපතිවරයාට බලය පැවරෙන අතර එය ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත්කළ යුතුය. සැසිවාරය අවසන් කිරීමේ නිවේදනයේ නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය ද සඳහන් කිරීම කළ යුතුය.

සැසිවාරය අවසන් කළ විට පාර්ලිමේන්තු කාරක සභා අහෝසි වන අතර නැවත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු එම කාරක සභා අලුතින් පිහිටුවීමට සිදු වේ. මේ වනවිට පැවති එජාප රජය යටතේ පිහිටවූ කාරක සභා වන අතර සැසිවාරය නැවත ඇරඹීමෙන් පසු වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි කාරක සභා පිහිටුවීමට හැකියාව ලැබේ.

කෙසේ වෙතත් සැසිවාරය කල් තැබීමෙන් කතානායක තනතුර අහෝසි නොවන අතර කරු ජයසූරිය මහතා ඉදිරියටත් කතානායකවරයා ලෙස කටයුතු කරනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements