Advertisement

සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි.

එමෙන්ම එම සේවාවන් සැපයීමේ දී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතුය.

අද (26) පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍රය නිකුත් කිරිම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය .

අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවෙමින් ආයතනයේ ක්‍රියාකාරිත්වය විමසා බැලිය.

“කාලය සෑම අයෙකුටම ඉතා වැදගත්. එහෙයින් සේවා ලාභීන්ට කඩිනමින් සිය අවශ්‍යතාව ඉටුකරදීමට කැපවිය යුතුය” වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද සේවා අවශ්‍යතාවයන් කඩිනමින් ඉටුකරදීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

“සේවාවක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට එය භාරගත් වේලාව සඳහන් කර නැවත භාර ගැනීමට පැමිණිය යුතු වේලාව දැන්වීම වැදගත් වේ. එවිට ආයතනය තුළ කාලය අපතේ නොයවා සිය කටයුතු ඉටු කර ගැනීමට ජනතාවට හැකි වේ” ජනතාව සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ අතිවිශාල ජනතාවකට සේවා සපයන ආයතනයක් වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන නිරන්තරයෙන් ආදර්ශමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එහිදී දූෂණ, වංචාවන්ට ඉඩ නොතැබීමට සියලු නිලධාරින් තරයේ ක්‍රියාකළයුත බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. සේවක පුරප්පාඩු පවතින්නේ නම් උපාධිධාරින් 54,000න් සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගැනිමට හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය මාසයකින් වෙනස් විය යුතු බවත් එය නිරීක්ෂණය කිරීමට තමන් නැවත පැමිණෙන බවත් ජනපතිවරයා මෙහිදි සඳහන් කළේය.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements