Featured News

Video Gossip

Advertisement

සවල්වලින් හා පොලුවලින් පහරදී රස්නායකපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දත් 11ක් කඩාදමා ඇසක් අන්ධ කිරිමට වන්දි වශයෙන් රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් ඔහුට ගෙවිමට කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති කොබෙයිගනේ සමුපකාර සමිතියේ සභාපති ඇතුළු දැදුරු ඔයේ වැලි ජවාරමකරුවන් විසි දෙනෙකුට නිකවැරටිය අතිරේක දිසා විනිසුරු ලක්මාලි දසනායක මහත්මිය නියම කළාය.

රස්නායකපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර

මහතාට මෙම රුපියල් කෝටි 11/4 ක වන්දි මුදල එක්ව හෝ වෙන් වෙන්ව ගෙවන ලෙස දිසා විනිසුරුවරිය, වගඋත්තරකාර වැලි ජාවාරම්කරුවන්ට නියම කළාය. පොලිස් නිලධාරීයාට එලෙස වන්දි ගෙවීමට නියම වූයේ කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති මහින්ද කුමාරසිරි හා කොබෙයිගනේ සමුපකාර සමිතියේ සභාපති සිසිර කුමාර, කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ජීවන් සමන්සිරි, බුද්ධික ප්‍රසාද්, එස්.කේ.සෙවන්ඩියා, නිලන්ත සමන් කුමාර, ප්‍රියන්ත කුමාර, නවින් සම්පත්, නිමල් සිරිවර්ධන, රන්ජන් රාමනායක, ජයලත්, සුජිත් කුමාර, නීල් රාමනායක, සුනිල් ප්‍රියන්ත, ලලිත් කුමාර, නිලන්ත සමරතුංග, අජන්ත සමරවිර, එස්.ඒ. ලක්ෂ්මන්, අසංක ඉන්ද්‍රජිත් සහ අනිල් ක්‍රිෂාන්ත නමැත්තන්ටය.

පොලිස් නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුන්ට එරහිව කුරුණෑගල මහාධිකරණයේ මීට පෙර අවස්ථාවක නඩු පරා තිබූ අතර ඔවුන් චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන් මීට පෙරදී ඔවුන්ට දඩුවම් නියම වී තිබිණි. ඉන් අනතුරුව පොලිස් පරීක්ෂක ප්‍රදීප් කරුණාධිර මහතා විසින් එලෙස වරදකරුදන් වූ මහාධිකරණය නඩුවේ විත්තිකරු ගෙන් රුපියල් කෝටි 11/2ක වන්දියක් අයකර

දෙන්නැයි ඉල්ලමින් ඔවුන් විසිදෙනා වගඋත්තරකරුවන් කරමින් නීතිඥ චමින්ද බස්නායක මහතා මඟින් දිසා අධිකරණයේ මෙම වන්දි නඩුව පරා තිබිණි.

රස්නායකපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් පෙත්සම්කාර පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර මහතා කටයුතු කරද්දි 2006 මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිකවැරටිය දැදුරු ඔයේ මහා පරිමාණයෙන් වැලි ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව දැදුරු ඔයේ වැලි ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා පෙත්සම්කරු ඇතුළු රස්නායකපුර පොලිසියේ නිලධාරීන් නිකවැරටිය සිංගක්කුලිය ප්‍රදේශයේ වැටලීමක් කර ඇති බවත් ඒ අවස්ථාවේදී වගඋත්තරකාර වැලි ජාවාරම්කරුවන් විසින් වැටලිමට පැමිණි පොලිස් නිලධාරින්ට පහරදී ඇති බවත් නිතිඥ චමින්ද බස්නායක මහතා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

වගඋත්තරකාර වැලි ජාවාරම්කරුවන් විසින් සවල් වලින් හා පොලු වලින් පෙත්සම්කරු ඇතුළු පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවත් ඉන් පෙත්සම්කාර පොලිස් පරීක්ෂක ප්‍රදිප් කරුණාධීර මහතාගේ දත් 11 ක් කැඩී ඇති බවත් එක් ඇසක් අන්ධ වී ඇති බවත් මුහණ අස්ථි රැසක් බිදි යෑම හේතුවෙන් ඔහු ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවත් වැලි ජාවාරම්කරුවන් උත්සාහ කර ඇත්තේ පෙත්සම්කරු ඝාතනය කිරීමට බවත් දැනුම් දුන් නීතිඥ චමින්ද බස්නායක පෙත්සම්කාර පොලිස් පරීක්ෂක බස්නායක ප්‍රදීප් කරුණාධිර මහතා පහරදිමෙන් දින 08ක් සිහිසුන්ව සිටි පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර මහතා මාස 06ක කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ශල්‍ය කර්ම 04කට මුහුණ දී ඇතැයි ද දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් පැවැති දිර්ඝ නඩු විභාගය අවසානයේදි පෙත්සම්කරුට සිදුකළ තුවාල සඳහා ඔහුට රුපියල් කෝටි 1174 ක වන්දියක් ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කෙරීණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements