Featured News

Video Gossip

Advertisement

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­ප­ට­ව­ලින් අනා­ව­ර­ණය වන විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්, ආය­තන ප්‍රධා­නීන් ඇතුළු පිරි­සක් ඉදි­රි­යේදී ව්‍යාජ නම්ව­ලින් විදෙ­ස්ගත වීමට කට­යුතු කර­මින් සිටින බවට බුද්ධි අංශ විසින් අනා­ව­ර­ණය කර­ගෙන තිබෙනවා.

මේ අතර හඬ­ප­ට­ව­ලින් අල්ලස් ගැනීම් පිළි­බ­ඳ­ව චෝදනා එල්ල වීමට ඉඩ ඇති කිහිප දෙන­කුද වන අතර, ඔවුන්ට ව්‍යාජ ගමන් බල­පත්‍ර සකසා දී රටන් පිට කිරී­මට ආග­මන හා විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කිහිප දෙන­කුගේ සහාය ලැබෙ­මින් පව­තින බවයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

ආග­මන හා විග­මන නිල­ධා­රීන් විසින් පසු­ගිය වසරේ මෙලෙස පාතාල අප­රා­ධ­ක­රු­ව­කුට රටින් පිට වීම පිණිස අව­ස්ථාව සලසා දුන් අව­ස්ථා­වක් සම්බ­න්ධව මේ වන විට විම­ර්ශන කට­යුතු සිදු කෙරෙ­මින් පවතිනවා.

පසු­ගිය වසරේ ජූලි 28 වැනිදා නුගේ­ගොඩ ජම්බු­ග­ස්මු­ල්ලේදී සිදු වූ ඝාත­න­යක් සම්බන්ධ පාතාල අප­රා­ධ­ක­රු­වකු පිළි­බඳ විම­ර්ශන කිරී­මේදී ඔහු එම වසරේ ජූලි 26 වැනිදා රටින් පිටව ගොස් ඇති බවට ආග­මන හා විග­මන තොර­තු­රු­වල සට­හන්ව තිබූ අතර, ඒ ගැන විම­ර්ශන කිරී­මේදී මේ වන විට අනා­ව­ර­ණය වී ඇත්තේ ආග­මන-විග­මන දත්ත පද්ධ­තියේ එසේ සට­හන්ව ඇතත් ඔහු එදින විදෙ­ස්ගත වී නැති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements