Advertisement

කානිවල් කෝපරේෂන් නම් බ්‍රිතාන්‍ය අමෙරිකානු සමාගමකට අයත් කෲස් නෞකාවක් කොරෝනා වෛරස් රෝගී බියක් හේතුවෙන් ඉතාලි වරායකින් පිටවීම නවතා තිබෙනවා.

මගීන් 7000ක පමණ පිරිසක් සමග වරායේ නවතා තිබූ නෞකාවේ සිටි පුද්ගලයෙක් වෛරසයට සමාන රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග මේ තීරණය ගෙන තිබෙනවා.

රෝමයට ආසන්න වරායක නැංගුරම් ලා ඇති මෙම කෲස් නෞකාවේ සිටි ආසාධිත යයි සැක කෙරෙන 54හැවිරිදි කාන්තාව මේ වන විට මගීන්ගෙන් වෙන්කොට තබා ඇතැයි සඳහන්. ඇය මැකාවූ සිට පැමිණ තිබෙනවා.

ඉතාලි වෙරළාරක්ෂකයන් සඳහන් ක
රන ආකාරයට ඇය අද උදෑසන රෝම රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මගී ප්‍රවාහන නෞකාවක කොරෝනා වෛරසය පැතිර ගිය ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙනවා. එමෙන්ම මේ ඉතාලියෙන් වාර්තා වූ ප්‍රථම ආසාධිත‍යායි.

නෞකාව නවතා තැබීමට එරෙහිව එහි මගීන් විරෝධය පළ කරන බවද ඉතාලි මාධ්‍ය වාර්තා කරනවා.

මගීන් 6000 ක් පමණ සහ කාර්‍ය මණ්ඩලය 1000 පමණ සිටින නෞකාවේ චීනයෙන් පැමිණි 750ක පමණ පිරිසක් සිටින බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements