Advertisement

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට විරුද්ධ වෙමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.

ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමට ද තීන්දු කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභාවේ දී මෙම තීන්දුව ගෙන ඇත.

ඉදිරි මහ මැතිවරණයේ දී ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමටත් ඔහුට තුනෙන් දෙකක බහුතර බලයකින් යුතු ආණ්ඩුවක් පිහිටුවීමට ශක්තිය ලබාදීමටත් එහිදී තීරණය කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements