Featured News

Video Gossip

Advertisement

විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා ගත් තීරණය ඇමැති මණ්ඩලය මගින් අහෝසි කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 10 වැනිදා අංක 2019/35 දරන චක්‍රලේඛයට අනුව විශ්‍රාම වැටුප් වැඩි කිරීමට ගත් තීරණය නතර කිරීමට ජනවාරි 02 වැනිදා රැස් වූ ඇමැති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විශ්‍රාමිකයන් සඳහා ජනවාරි 01 වැනිදා සිට මෙම වැඩිකිරීම ගෙවීමට නියමිතව තිබුණා.

2019 නොවැම්බර් 11 වැනි දින රැස්වූ ඇමැති මණ්ඩලය තීරණය කර තිබුණේ ජනවාරි මස 01 වැනි දිනට හිමිවන සම්පූර්ණ වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමටයි.

එහෙත් ජනවාරි මස 02 වැනි දින රැස් වූ ඇමැති මණ්ඩලය තීරණය කර ඇත්තේ නව රජයේ ප්‍රතිපත්තිය අනුව සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවන්ට ඉදිරි අයවැයවලදී විසඳුම් ලබාදීමටයි.මේ වන විට ලක්ෂ 06 කට විශ්‍රාම වැටුප් ගෙවන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements