Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් පසුගිය නොවැම්බර් මාසය (ජනාධිපතිවරණයට පෙර) සඳහා පමණක් රුපියල් කෝටි දෙදහස් එකසිය හැත්තෑවකට අධික අතිරේක මුදලක් (21,708,975,000) ඇතැයි වාර්තා වේ.

ඒ බව සඳහන් වන අතිරේක ප්රතිපාදන වාර්තාවක් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු ඇමැතිවරයා විසින් ඊයේ (21 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය .

හිටපු ජනාධිපතිවරයාගේ ඉන්ධන වියදම්, වාහන සහ යන්ත්රෝපකරණ නඩත්තුව, තැපැල් හා සන්නිවේදන , විදුලි බලය හා ජලය සඳහා නොවැම්බර් මාසයේදී රුපියල් කෝටි තිස් තුනක මුදලක් නිදහස් කර ඇතැයිද දැක්වේ.

රාජ්ය ආයතන කීපයකට අලුතින් බඳවාගත් සේවකයින්ට වැටුප් සහ වේතන වෙනුවෙන් රුපියල් කෝටි 117 ක්, රාජ්ය සේවකයන්ට ගෙවන රුපියල් 2500 ක මාසික අන්තර් දීමනාව වෙනුවෙන් රුපියල් දොළොස් කෝටි පනස් හය ලක්ෂයක්, ගොවිජන දෙපාර්තමේන්තුවේ සහ සංස්කෘතික අමාත්යාංශයේ වාහන සඳහා කල්බදු පොලී ගෙවීමට රුපියල් තුන්කෝටි දාහත් ලක්ෂයක් එම මාසය තුළ ගෙවා ඇත.

ලංගම බස් රථ සංචිතය වැඩි කිරීමට රුපියල් කෝටි විස්සක්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පෙර මුද්රිත හැඳුනුම්පත් දෙලක්ෂ පනස්දහසක් (250,000) ක් සැකසීමට රුපියල් කෝටි විස්සක් නොවැම්බර් මාසයේ ගෙවා ඇත.

බේරේ වැව සංවර්ධනය, සහසර බස්රථ නවීකරණය, නාගරික පුනර්ජීවන ව්යාපෘතිය වෙනුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශය විසින් රුපියල් කෝටි 450 ක්ද, තැපැල් සේවක හිඟ වැටුප් ගෙවීමට රුපියල් කෝටි 67 ක්ද එම මාසයේදී ගෙවා ඇත. 

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ණය පොලී ගෙවීමට රුපියල් කෝටි 240 ක්, විශ්රාම වැටුප් සංශෝධනය වෙනුවෙන් රුපියල් කෝටි 200 ක්, ඖෂධ සැපයීම් බිල්පත් නිරවුල් කිරීමට රුපියල් කෝටි 310 ක්ද ඇතුළුව රුපියල් කෝටි දෙදහස් එකසිය හැත්තෑවකට අධික අතිරේක මුදලක් නොවැම්බර් මාසයේ ගෙවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකවරයා ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements