Advertisement

ජනාධිපතිවරණයෙන් සති දෙකකට පමණ පසුව ඇමරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ යළිත් ලංකාව බලා පැමිණීමට නියමිතවයි.

එමෙන් ම ඇමරිකාවේ ගත කළ පසුගිය සති කිහිපයේදී ඔහු ‘ඇමරිකානු පුරවැසිභාවය’ අත්හැරීමට අදාළ නෛතික පියවර ගැනීමට ද කටයුතු කළ බව වාර්තා වූ නමුත්, ඔහු මෙවර මහ මැතිවරණය සඳහා නම් තරග නොකරනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග වාර්තා කළා.

එහෙත් වත්මන් ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙකුම බැසිල් අමතමින්, ඔහුගෙන් ඉල්ලා ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය වහාම අත්හැර එළඹෙන මහ මැතිවරණයට සූදානම් වන ලෙසයි.

එහිදී බැසිල් පවසා ඇත්තේ ‘තමන්ට 2020 මහමැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නැති නමුත්, 2025 පිළිබඳ තමන්ට ‘ඉහළ බලාපොරොත්තු’ ඇති බවයි.

පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ 2025 වසරේ විධායක ජනාධිපති පුටුව හෝ විධායක අගමැති පුටුව ඔහු බලාපොරොත්තු වන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements