Advertisement

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව සඳහා පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා වූ අයදුම්පත් අදාළ ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා.


අපොස සාමාන්‍ය පෙළ අසමත් වයස අවුරුදු 18ත් 35 ත් අතර අයට ප්‍රමුඛතාව හිමි වන අතර වයස අවුරුදු 35- 40 අතර අයට මීළඟ ප්‍රමුඛතාව හිමිවනවා.

සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලැබෙන පවුලක රැකියා විරහිත අයෙකු වීම හෝ සමෘද්ධි ලබන පවුලක රැකියා විරහිත අයෙකු වීම, වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයෙකු සිටින පවුලක රැකියා නොමැති අයෙකු වීම සහ අදාල ප්‍රදේශයේ ස්ථිර පදිංචිය තිබීම මේ සඳහා අනිවාර්ය වනවා.

2020 පෙබරවාරි 16 දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුයි.

අවම වැටුප රුපියල් 22500ක් වනවා.

වසර 10ක් සේවය කරන අයට විශ්‍රාම වැටුප් හිමිවනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements