Advertisement

පසුගිය සතියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වැසීගිය ආයතන පිළිබදව නිරික්ෂණ චාරිකාවක අමාත්‍ය විමල් වීරවංශ මහතා නියැලුණේය.



එහිදී තල් සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරම තල්කෙදි සැකසුම් මධ්‍යස්ථානයේ නාම පුවරුවෙහි පැවතියේ අනුපිළිවෙලින් දෙමළ, සිංහල, සහ ඉංග්‍රීසි වශයෙනි. මෙම නාම පුවරුව විවෘත කිරීමේදී අඩුපාඩුවක් ලෙස පෙන්වාදී ඇති මෙම පිලිවෙල සම්බන්ධයෙන් තම සභාපතිවරයා දැනුවත් කිරීමට විමල් කටයුතු කර ඇත.

මීට දින තුනකට පෙර, එනම් 2020 ජනවාරි 18 වනදා කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඒ විමල් වීරවංශ මහතාම උතුරේ සංචාරයක නියැළී තිබුණු අතර ඔහුගේම ෆේස්බුක් පිටුවෙහි පළ කළ ඡායාරූපවලින් දැක්වුණේ දෙමළ භාෂාව මුලට ඇති නාම පුවරුවක් ඔහු විසින්ම විවෘත කරන ආකාරයයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔහු එදා පැවසූ බොරුව සහ ජාතිවාදය ඇවිස්සීමේ ඔහුගේ තක්කඩිකම ඊ‍යේ (20) දිනයේදී සමාජ මාධ්‍ය ජාල තුළ යම් කතාබහකට ලක්විණි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements