Advertisement

රන්ජන් රාමනායක මහතාට දුරකථනයෙන් කතා කර උසස්වීම් ලබා ගැනීම සඳහා උදව් උපකාර ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (20 ) පිළිගෙන ඇත.

රන්ජන් රාමනායක මහතා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක මහත්මිය එහිදී පිළිගෙන තිබේ.

රන්ජන් රාමනායක මහතා තමා දැන හඳුනා ගත්තේ මංගල උත්සවයකදී බවද එතැන් පටන් රන්ජන් රාමනායක මහතා සමග කිට්ටු මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගිය බවද රණවක මහත්මිය පිළිගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements