Advertisement

හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පීඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට අද (30) උපදෙස් දී තිබෙනවා.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසකට ඊයේ (29) සිට උණ රෝගය සහ ශ්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණා.

අද (30) දිනයෙත් ගුරු සිසුන් 50 කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශිය රෝහලෙ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් වෛද්‍යය සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවේ.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන තවත් සිසුන් පිරිසක් දික්ඔය මුලික රෝහල වෙත යොමු කළ බව කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරිය පැවසූවා.

ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍යය පරික්ෂවරුන් විසින් විද්‍යාපිඨය තුළ පරීක්ෂණයක් සිදු කරන බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements