Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙසට කථානායක කරු ජයසූරිය පත් කිරීමේ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත.

පක්ෂ නායකත්වයේ තවදුරටත් තමන්ම කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේදී නව තීරණය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ගේ අනුමැතිය විමසීමෙන් පසු පක්ෂ අර්බුදය නිමා කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙයි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් නොකිරීමටද පක්ෂ නායකත්වය තීරණය කර ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 96 දෙනාගේ නිල කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් විය. එම සාමාජිකයන්ම යළි බලාත්මක කරමින් කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීම අද (30 වැනිදා) පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements