Featured News

Video Gossip

Advertisement

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ. 

ඒ අනුව, 

අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් ආයනයේ අධ්‍යක්ෂවරියක් ලෙසත් 

අජිත් නිවාඩ් මහතාගේ සොයුරා වන අමල් කබ්‍රාල් මහතා කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් අජිත් නිවාඩ් මහතාගේ මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර තම්බයියා මහතා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් 

අජිත් නිවාඩ් මහතාගේ තවත් ඥාති සහෝදරයකු වන නිහාල් ෆොන්සේකා මහතා කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් එම කාල සීමාව තුළ සේවය කර ඇති බව සඳහන්. 

මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමටත් පෙර සිටම එම වාර්තාවට එරෙහිව පුවත්පත් පිටු ගණන් ලිපි ලියමින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා දැඩි විරෝධයක් දක්වා තිබීම ද විශේෂයක් විය. 

වියත් මග සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වන ඒ මහතා මේ වනවිට අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස මෙන්ම "අපි වෙනුවෙන් අපි" අරමුදලේ සාමාජිකයකු ලෙස ද පත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements