Featured News

Video Gossip

Advertisement

අජිත් ප්‍රසන්න නැමැති මෙම පුද්ගලයාට මෙම වරද දිගින් දිගටම සිදු කිරීමට ඉඩ දීමට හැකියාවක් නෑ

අධිකරණයේදී ඔහුව දැඩි විවේචනයට ලක් කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළා.

බන්ධනාගාරය මඟින් මෙම තැනැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥවරයෙකු බව කියා ගන්නා අජිත් ප්‍රසන්න නමැත්තා ඉකුත් 12 වන දා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැඩි ලෙස විවේචන කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කර සිටියා.

අලි පැටවකු බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව පවරා තිබෙන නඩුවක් බලෙන් තමන් හමුවට ලබාගෙන දේශපාලන අවශ්‍යතාවක් මත එය විභාග කිරීමේ ක්‍රියාදාමයේ විනිසුරු ගිහාන් කුලතුංග මහතා යෙදී ඇති බව අජිත් ප්‍රසන්න නමැත්තා විසින් එකී මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා එල්ල කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවා.

අධිකරණ පද්ධතියේ යම් දෝෂයක් තිබේ නම් ඒ පිළිබඳව නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා එසේ නොකොට මේ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත චෝදනා විනිසුරුවරුන්ට එල්ල කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය කඩා වැටෙන බව සඳහන් කළා.

අජිත් ප්‍රසන්න නැමැති මෙම පුද්ගලයාට මෙම වරද දිගින් දිගටම සිදු කිරීමට ඉඩ දීමට හැකියාවක් නොමැති බව මෙහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නා.

යහපත් මානසික සෞඛ්‍ය මට්ටමකින් පවතින පුද්ගලයකුට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙම පුද්ගලයාගේ මානසික මට්ටම අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ වෙත යොමු කර පරික්ෂා කිරීම වැදගත් බව ද පෙන්වා දුන්නා.

මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කිරීම පිළිබඳව අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙන බවත් ඉන් වැරදිකරු වන පුද්ගලයෙකුට වසර 5ක් දක්වා සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලය පවතින බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කර සිටියේ තමා ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එය විභාග වෙමින් පවතින බවත්ය.

ඊට අමතරව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තමා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කලා.

තමන්ව මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට රජයේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව පෙන්වා දුන් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා රජයේ වියදමින් මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට තමන් සූදානම් බවද අධිකරණය හමුවේ පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇප පනතේ විධි විධානයන්ට අනුව මෙම අවස්ථාවේදී මෙම පුද්ගලයාට ඇප මත මුදාහරිනු ලැබුවොත් එතුළින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව පෙන්වා දුන්නා.

එමෙන්ම නඩු විභාගයක් සිදු කරමින් සිටින විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ කටයුතු විවේචනය කිරීම තුළින් ඔහු පවතින නඩු කටයුත්තකට ද බලපෑමක් සිදු කර ඇති බව පෙන්වා දුන් විනිසුරු ධම්මික ගනේපොල මහතා ඒ අනුව පනතේ විධි විධානයන්ට අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියම කලා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements