Advertisement

රැකියා විරහිත උපාධිධාරීන් 50,000 ක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මාර්තු මස පළමුවැනිදාට පෙර අනිවාර්යෙන්ම රැකියා ලබාදෙන බවයි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන්ට මාස 06 ක පුහුණුවක් ලබාදීමට නියමිත අතර ඉන්පසු ඔවුන් ස්ථිර සේවකයන් ලෙස රාජ්‍ය සේවයට එක්වනු ඇත. මෙම උපාධිධාරීන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ උපාධිය අභ්‍යන්තරද බාහිරද යන්න සලකා නොලබන බව ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements