මෙතෙක් විෂය පථයන් රාජ්‍ය ඇමැතිවරුන්ට පවරාදී නොමැති ඇමැතිවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල ලබා දෙන ලෙස දැනුම්දුන්නද ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ආරුමුගම් තොන්ඩමන්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, එන්.එම්. චන්ද්‍රසේන, විමල් වීරවංශ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය මෙතෙක් රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල ලබාදී නොමැති පිරිසයි.
ජනාධිපති කාර්යාලය විසින් කළ නියෝගයකට අනුව රාජ්‍ය ඇමැතිවරුන්ට විෂය පථ බෙදා දෙමින් කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

