Advertisement

මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මව විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය පවසනවා.

ෆේස්බුක් සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකි බවයි.


තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් තමන්ව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇති බව ඇය පවසනවා.

පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර ඇති නොමිනිසුන්ගෙන් අසන්නේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි යනුවෙනුයි එම දියණිය ප්‍රශ්න කරන්නේ.

පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය තැබූ එම ෆේස්බුක් සටහන සහ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements