Advertisement

මෙරටින් හමුවූ පළමු කොරෝනා වෛරස් අසාධිතයා පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඇය 43 හැවිරිදි චීන ජාතිකයෙක්.

ඇය තවත් පිරිසක් සමග මෙරට සංචාරයකට පැමිණි ඇති අතර, සංචාරය අවසානයේ ගුවන් තොටුපළින් නැවත චීනය බලා පිටත්වන අවස්ථාවෙදි උණ රෝගය වැළඳීම නිසා අයිඩිඑච් රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍ය අනිල් ජයසිංහ පවසනවා.

දින 10ක පමණ කාලයක් ඇය ඇතුළු මෙම පිරිස ලංකාවේ සංචාරය කර ඇති අතර, ඇය සමග පැමිණි අනෙක් සංචාරකයන් පිරිස චීනයට පිටත්වී තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ඇය නවාතැන් ගත් හෝටල් පිළිබඳව හඳුනාගෙන ඇති බවත් බළධාරීන් මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවත් වෛද්‍ය අනිල් ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements