ඩොනල්ඞ් ට්‍රම්ප් පෙබරවාරියේ ලංකාවට?
Donald Trump
,
Donald_Trump
,
Donald-Trump
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
ivanka trump
,
ivanka-trump
,
News
,
Politics
,
side-gossip
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ලංකාවට ගෙන්වා ගැනීමේ සැළසුමක් සම්බන්ධයෙන් වාර්තා වනවා.
ලබන පෙබරවාරි 24, 25 යන දිනවල ට්‍රම්ප් ඉන්දියාවට පැමිණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට නියමිත අතර, එම ගමනේදී පැය තුන හතරකට හෝ ට්‍රම්ප්ව ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුවේ උත්සාහය වී තිබෙනවා.
ලංකා ඉතිහාසයේ මෙතෙක් බලයේ සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයකු සිය නිල කාලය තුළ ලංකාවට පැමිණ නොමැති අතර, 2016 දී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද සිය ආසියානු සංචාරය අතරතුරදී ලංකාවේ වෙසක් සතිය යෙදී තිබීම හේතුකොටගෙන ඔබාමාගේ ලංකා ගමන අවලංගු වී තිබුණා.
පසුගිය සතියේ සිදුකෙරුණු ඇමෙරිකාවේ දකුණු හා මාධ්‍යම ආසියානු කලාප භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් ජේ. වෙල්ස් මහත්මියගේ සංචාරය අතරතුරදීද ආණ්ඩුව මෙම මාතෘකාව පිළිබඳව වටින් ගොඩින් කතාබහ කර තිබූ බව වාර්තා වනවා.
විශේෂයෙන්ම මේ දිනවල ඇමෙරිකාව ලංකාව කෙරෙහි විශාල උනන්දුවක් දක්වන අතර ඉන් පළමුවැන්න එම්.සී.සී. ගිවිසුමය. දෙවැන්න මේ වන විට ඉරානය හා ඇමෙරිකාව අතර උණුසුමය. තුන්වැන්න ආසියානු කලාපය තුළ සහ ලංකාව මුල්කරගෙන චීන රජය කරන බලපෑමය.
ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් ගත් කල මෙම කරුණු තුනටම ලංකාව පොදු කරුණක් බවට පත්ව තිබීම නිසා මෙම නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් ජේ. වෙල්ස් මහත්මියගේ සංචාරය අතරතුරදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් විශාල උනන්දුවක් දැක්වූ බවක්ද දැකගන්නට ලැබුණා.
මේ නිසාම ආණ්ඩුව උත්සාහ කරන්නේ ඇමෙරිකානු රජය තුළ ඇති එම උනන්දුව උපයෝගි කරගෙන කෙසේ හෝ ට්‍රම්ප්ව පැය කිහිපයකට හෝ ලංකාවට ගෙන්වා ගැනීමටයි.
ඒ හරහා ආර්ථික, සංචාරක හා ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයට යම් පණිවුඩයක් ලබාදීම ආණ්ඩුවේ අරමුණයි.
ඒ අනුව පසුගිය සතියේ සිටම ආණ්ඩුව විවිධ පාර්ශ්ව හරහා මෙම අරමුණ සාර්ථක කර ගැනීමට විශාල මෙහෙයුමක් ආරම්භ කර ඇති ආකාරයක් දැකගන්නට ලැබෙනවා.

