Featured News

Video Gossip

Advertisement

නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවකට අධිකරණයක් හමුවේ විභාග කෙරෙන නඩු කටයුත්තකට අදාළව නියෝග දීමේ හෝ වාරණය කිරීමේ නීතීමය බලයක් හෝ අයිතියක් නොමැති බවද නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව කළ දැනුම් දීමේදී අවධාරණය කොට ඇතැයිද වැඩිදුරටත් වාර්තා වනවා.
නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව කළ දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු සපයමින් නීතීපතවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට මේ බව දැනුම් දී තිබෙනවා.


2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබදව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සදහා පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරනවා.

මෙම කොමිසමට පසුගිය 22 වැනිදා පළමු පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන් විසින් දේශපාලන බලපෑම් මත තමන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කොට ඇති බවට පැමිණිලි කොට ඇති බව දැනුම් දී තිබු අතර ඒ සම්බන්ධයෙන් 23 වැනිදාම විමර්ශනය කළ කොමිසම වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් නියෝගයක් නිකුත් කොට තිබුණා.

ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව පිළිතුරු සපයමින් නීතීපතිවරයා අධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ විමර්ශන වලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බව දැනුම් දී තිබෙනවා.

මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරනු ලැබ්වේ සියළුම නෛතික ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව තමන් වෙත පැවරී ඇති නීතීමය බලතල අනුව බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා තමන්ගේ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බවද පෙන්වා දී ඇති බව වාර්තා වනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 04 සී හා 105 වැනි වගන්තීන් අනුව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුත්තක් වන පැමිණිල්ල මෙහෙයවීම නතර කිරීමට කොමිසමකට කිසිඳු නෛතික ප‍්‍රතිපාදනයක් නොමැති බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements