Advertisement

කිසිම දිනක චීනයේ සංචාරය කර නොමැති ජපාන බස් රථ රියදුරෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජපාන රජය තහවුරු කර තිබෙනවා.

මේ අනුව ජපානයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 6ක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා.


අවුරුදු 60ක් වන මෙම ජපාන බස් රියදුරු මේ මස මුල් කාලයේදී චීනයේ වූහාන් සිට පැමිණි සංචාරකයන් පිරිසකට ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බව වාර්තා වනවා.

ඔහු නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සෙනසුරාදා දිනයේදී රෝහල් ගත කර ඇත අතර පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements