Advertisement

අල්ලස් හෝ දූෂණ ​චෝදනාව එල්ල වූ දේශපාලනඥයන් අටදෙනකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම දේශපාලනඥයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම වර්තමාන හා හිටපු ඇමැතිවරුද සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

එකී දේශපාලනඥයන්ට විරුද්ධව පවතින විවිධ අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදී ඇතැම් රජයේ කාර්යාලවලින් තොරතුරු ලැබීමේ ප්‍රමාදයක් පවතින බව පැවසෙනවා.

එමෙන්ම විමර්ශන කටයුතු සඳහා කොමිෂන් සභාවේ ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීමද දේශපාලනඥයන් සම්බන්ධ විමර්ශන ප්‍රමාද වීමට හේතුවී තිබෙන බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements