Advertisement

ජනප්‍රිය යොවුන් කලාකරුවෙකු වන උද්ධික ප්‍රේමරත්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා තීරණය කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඔහු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

පොදුජන පෙරමුණෙන් ඔහු මැතිවරණයට තරග කරන අතර මේවන විට ආසන මට්ටමින් රැස්වීම් ද ආරම්භ කර තිබෙනවා.

ඔහු ඉදිරිපත් වන්නේ විමල් විරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනුයි.


මේ අතර රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නාම යෝජනා ඉල්ලා තිබෙනවා. 

ඇයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එම පක්ෂය සඳහන් කළේ.

පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට ඇය අදහස් කර ඇති අතර ඇගේ ඉලක්කය වී ඇත්තේ බෙන්තර ඇල්පිටිය ආසනයයි.

කෙසේ නමුත් ඇගේ පැමිණීමට බෙන්තර ඇල්පිටිය ආසනයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විරෝධය දක්වා තිබෙනවා.

තවද රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වන අතර ඔහුට නාම යෝජනා හිමිවන්නේ විමල් විරවංශ අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුවයි.gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements