Featured News

Video Gossip

Advertisement

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වන තෙක්ම මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූ බව එවකට මාවනැල්ල සහකාර පොලිස් අධීකාරීවරයාව සිටි ගාමිණී තෙන්නකෝන් මහතා අනාවරණ කරනු ලැබුවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින්.

තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස මේ වන විට සේවයේ නිරත ඔහු කොමිසම හමුවේ පැවසුවේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ පළමු සිද්ධිය 2018 දෙසැම්බර් 23 වැනිදාත් දෙවැනි සිදුවීම දෙසැම්බර් 26 වැනිදාත් වාර්තාවූ බවයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඇමතුමක් ලබා ගන්නැයි දෙසැම්බර් 29 වැනිදා පොලිස් මූලස්ථානයෙන් තමාට පණිවිඩයක් ලැබුණු බවත් ඒ අනුව තමා එදින පොලිස්පතිවරයා ඇමතූ බවත් ඔහු කොමිසම හමුවේ පැවසුවා.

පසුව පූජිත් ජයසුන්දර මහතා තමාට දුරකතන අංකයක් ලබාදෙමින් අසාද් සාලි මහතා අමතන ලෙසත් සාලි මහතා තොරතුරක් ලබාදෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව තමා සහ අසාද් සාලි මහතා අතර තත්පර 336 ක් කාලයක සංවාදයක් පැවැති බවත් එහිචී දී මවුලවිවරයෙකු විසින් සැකකරුවන් දෙදෙනෙක්ව රැගෙන පැමිණෙනු ඇතැයි ඔහු සදහන් කළ බවද ගාමිණී තෙන්නකෝන් මහතා කොමිසමට දැනුම් දුන්නා.

එදින සැකකරුවන් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් කෑගල්ලේ පිහිටි කාර්යාලයේ තමන් රාත්‍රිය වන තුරු බලා සිටියත් එදින කිසිදු සැකකරුවෙක් භාරනොදුන් බවයි සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ.

අනතුරුව ඔහු සඳහන් කළේ දෙසැම්බර් 31 වැනිදා නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වූ බවයි.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමා අසාද් සාලි මහතා දුරකතනයෙන් අමතා සැකකරුවන් භාරනොදීම සම්බන්ධයෙන් තොරතුරු විමසූ බවත් එහිදී සාලි මහතා “ආවේ නැද්ද? පොඩ්ඩක් ඉන්න, යැයි පවසමින් ඇමතුමට තවත් පිරිසක් සම්බන්ධකර ගැනීමට උත්සාහ ගත් බවත් ඒ නිසා තමන් ඇමතුම විසන්ධි කළ බවත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

පසුව 2019 සැප්තැම්බර් 03 වැනිදා තමන් තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස රජකාරී කරමින් සිටියදී අසාත් සාලි මහතා තමාට දුරකතන ඇමතුමක් ලබාදී තමා සැකකරුවන් භාර දෙන බවක් නොකීවේ යැයි අසාද් සාලි මහතා පැවසූ බවයි තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියා.

අසාද් සාලි මහතා එම ඇමතුම ලබාදුන්නේ වෙනත් අංකයකින් බවත් ඒ ගැන ඇතිවූ සැකය මත එම අංකය ස්ක්‍රීන් පිටපතක් ලබාගත් බවත් පැවසූ සහකාර පොලිස් අධිකාරීවරයා එම ස්ක්‍රීන් පිටපත් කොමිසමට ඉදිරිපත් කර සිටියා.

කෙසේවෙතත් පොලිසියට භාරදෙන බවට පැවසූ සැකකරුවන් දෙදෙනා පසුව ගම්පොල ප්‍රදේශයේ වෙළද සැලක සැගවී සිටියදී අත්අඩංගුවට ගැනුණේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවයි තෙන්නකෝන් මහතා පැවසුවේ.

බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරීන් ඊට ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදුකර නොමැති බවද සහකාර පොලිස් අධිකාරීවරයා කොමිසමට පැවසුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements