Featured News

Video Gossip

Advertisement

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුනානම් තමන් තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව කදුරුවෙල පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කියා සිටියා.

“ජනාධිපතිවරයාට තිබු අසීමිත බලතල මම පාර්ලිමේන්තුවට දුන්නා. ස්වාධීන කොමිසන් සභාවලට හා අධිකරණවලට දුන්නා.

ජනාධිපතිවරයාගේ නිල කාලය වසරකින් අඩු කළා.

එසේ නොකළානම් අදත් ජනපති මම. එහෙම නම් මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙයි ඡන්දේ තියන්න ඕනේ.

19 සම්මත කරන්න මම උපරිමයෙන් වෙහෙසුනා. අද ඒ ගැන විවේචන රැසක් තිබෙනවා.

19 වන සංශෝධනයට අද මමත් එයට විරුද්ධයි.

ව්‍යවස්ථාවේ අවුල් රාශියක් 19 නිසා ඇති වුණා.

ඒ නිසා රට ඉදිරියට යන්න ව්‍යවස්ථා සංශෝධයක් ඕනේ.

බහුතරය නොමැතිව එය කරන්න බැහැ.

රටට ආදරේ සියලු දෙනා අලුත් ආණ්ඩුවට සහාය දෙන්න ඕනේ.

නව ජනාධිපතිතුමා අවංක නායකයෙක්.”

අවංක නායකයෙකුට අපි සහාය දෙන්න ඕනේ.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements