ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති මාරාන්තික නව කොරෝනා වෛරසය ආරම්භ වූයේ කෙසේද යන්න පරීක්ෂකයින් විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර සැක පළ කෙරුණු පරිදි චීනයේ වුහාන් ප්‍රදේශයේ පිහිටි වන සතුන් අලෙවි කරන වෙලදසැලකින් නව කොරෝනා වෛරසය ආරම්භ වී ඇති බවයි තහවුරු කර ඇත්තේ.
ප්‍රශ්න ගත වෙලදසැල මුහුදු ආහාර අලෙවි සැලක් වුවත් එහි වන සතුන් සහ ඔවුන්ගේ මාංශ තොග ක‍්‍රමයට අලෙවි කරන ස්ථානයක්. වන සතුන් වර්ග 112 ක් පමණ එම ස්තානයේදී අලෙවි කෙරෙන අතර සුනඛයන්, ගවයින්, බූරුවන්, මොනරුන්, පැස්බරුන්, ඔටුවන්, මුවන්, නරියන්, හාවුන්, වෘක පැටවුන්, ඉත්තෑවන්, පක්ෂීන්, මීයන්, කිබුලන්, වවුලන් සහ නාගයින් ද මෙලෙස අලෙවි කෙරෙන සතුන් අතරට අයත්.


