Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ නමුත් රන්ජන් රාමනායක මහතාව අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වුයේ බලපත්‍ර රහිතව සන්තකයේ තබා ගත් පිස්තෝල ගිනි අවියක් සහ එම අවියට භාවිතා කරන 9MM උණ්ඩ 127 ක් සහ සැකකටයුතු ලිපි ලේඛන හේතුවෙන් අත් අඩංගුවට ගත බවයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements