Advertisement

තමන්ට මෙට්ටයක්, මේසයක් හා වැසිකිළි පුටුවක් ලබාදෙන ලෙස මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ඉල්ලා ඇති නමුත් රෝහල් බලධාරීන් ඊට අනුමැතිය ලබාදී නොමැති බව වාර්තා වනවා.

රාමනායක මහතා කිසිදු රෝගී තත්ත්වයකින් නොපෙළෙන බවට ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බැවින් ඔහුට එකී උපකරණ ලබාගැනීමට අනුමැතිය හිමිව නැති බවද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.


නිදා ගැනීමට යෑමේදී හා කැසිකිළි කටයුතු සඳහා යෑමේදී තමා අපහසුතාවන්ට පත්වන බැවින් තමන්ට ඉහත කී භාණ්ඩ ලබාදෙන ලෙසට ඔහු මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා මඟින් එම රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද අනාවරණය වනවා.

මේ අතර පෙරේදා (18) පස්වරුවේ රාමනායක මහතාට හිතැති පිරිසක් විසින් ඔහුට පහසුකම් සහිත ඇඳ ඇතිරිල්ලක් ලබාදීමට ගෙනගොස් ඇති නමුත් බන්ධනාගාර බලධාරීන් විසින් ඊට අනුමැතිය ලබාදී නොමැති බවද වාර්තා වනවා.gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements