දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ලකුණු 153 ක් ලබා ගනිමින් නොතිබූ තරග ජයක් හා තරගාවලි ජයක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබාදුන් කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අවධානය යොමු තිබෙනවා.
ඔහු පසුගිය පකිස්තානු සංචාරයේදීද කණ්ඩායමට ඇතුළත් නොවීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගෙන් කරුණු විමසා තිබෙනවා. අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට ඉදිරියේදී හෝ කටයුතු කරන ලෙසයි. ක්‍රිකට් වැනි ජනප්‍රිය ක්‍රීඩාවක තීන්දු තීරණ ගැනීමේදී මීට වඩා සැලකිලිමත් වන ලෙසත් කිසිදු ක්‍රීඩකයෙකුට අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කරන ලෙසත් ඩලස් අලහප්පෙරුම මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
කුසල් ජනිත් දකුණු අප්‍රිකාවේදී ලබාගත් ලකුණු 153 ක ඉනිම 2019 වසරේ ලොව හොඳම ටෙස්ට් ඉනිම් 10 අතරටද ඇතුළත් වී තිබිණි. gossip

