Advertisement

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා මෙනවිය කරන ලද පරීක්ෂණයකින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයෙන් අල්ලන කුඩා මසුන්ගෙන් 95%ක් පමණ මිනිස් ශරීරයට අහිතකර ප්ලාස්ටික් අඩංගු බව සොයා ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය, කුඩාවැල්ල සහ මීගමුව යන ධීවර කලාප ආශ්‍රයෙන් හුරුල්ලා, සාලයා සහ හාල්මැස්සා යන මාළු විශේෂ යොදා ගනිමින් එම පර්යේෂණය සිදු කොට ඇති අතර එම මාළුන්ගේ බඩවැල තුළ කුඩා ප්ලාස්ටික් කොටස් 0-23 අතර සංඛ්‍යාවක් අඩංගුව පවතින බව එහිදී නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා මෙනවිය වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දියණියයි.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියකට අදාළව විනුරි සිල්වා මෙනෙවිය විසින් එම පර්යේෂණය සිදු කර තිබෙනවා.

ඇයගේ සුපරීක්ෂක ලෙස කටයුතු කළ මහාචාර්ය බ්‍රවුන් ගිලන්ඩේ මහත්මිය විසින් එම පර්යේෂණය අනුමත කොට තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements