Advertisement

රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(16) සහ පෙරේදා (15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති බව වාර්තා වනවා.

නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඔහු ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කළා.

ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසොල්මනේ සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථාවේදී පවා පිටතට නොපැමිණි බවද දැනගන්නට තිබෙනවා.


මන්ත්‍රීවරයා ඊයේ (16) පෙරවරුවේ ක්‍රීම්කැකර් බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා ගෙන ඇති අතර ඔහුට පැදුරක් පමණක් නිකුත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණා.

මන්ත්‍රීවරයා සිටින සිරකුටිය දෙසට නිලධාරීන් කිසිවෙකුත් යාමට බියක් දක්වන බවද, එම ස්ථානයට යාම නිලධාරීන්ට තහනම් කර ඇති බවද වාර්තා වනවා.

රන්ජන්ගේ – හිස මුඩු කරයි

රන්ජන් රාමනායක මහතා හිස මුළුමනින්ම බූ ගාගෙන සිරකුටියේ තනිවී සිටින බව මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරනවා.

මේ පිළිබඳව මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ සැකකාර මන්ත්‍රීවරයා ‘පී‘ සිරකුටිය තුළ හිස මුළුමනින්ම බූ ගා ගෙන සිටින බවයි.

මේ බව ඊයේ රංජන් මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සදහා ගිය හරින් ප්‍රනාන්දු සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන්ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කෙරින.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements