Featured News

Video Gossip

Advertisement

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික හේමපාල මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර තිබේ.

අධිකරණ සේවා කොමිසම විසින් මෙම වැඩ තහනමකට ලක්කර ඇත්තේ රන්ජන් රාමනායක එජාප මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද සාකච්ඡාව හේතුවෙනි.


මන්ත‍්‍රීවරයා සමග දුරකතනයෙන් සාකච්චා කල විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්දයෙන්ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත කොමිසම විසින් යවා ඇත.

මේ අතර රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කරනලද සියලු විනිසුරන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

ඒ අනුව පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇත.

ප්‍රකාශ සටහන් කරගන්නැයි CCDයට නියෝගයක්


පර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද ඇති විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දුන් බව නීනිපතිවරයාගේ සම්බන්ධිකාරක නිලධාරි පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements