Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීනයේ හුබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංගු කරන ලෙසට කොළඹ චීන තානාපති කාර්යාලයෙන් උපදෙස් ලබා දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති චීන බලධාරීන් එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා උපරිම පියවර ගෙන තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වනවා.

චීන තානාපති කර්යාලය ද ශ්‍රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තුව සහ රජයේ ආයතන සමඟ පුර්ණ සහයෝගයෙන් කටයුතු කර ඵලදායී පුර්වෝපායන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වසංගතයෙන් ආරක්ෂා කිරීමට හැකි සෑම උත්සහයක්ම දරන බවද එහි සඳහන් වනවා.

ඒ අනුව,

1, වසංගත නිසා වැඩි අවදානමට ලක්ව ඇති හා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති චීනයේ නගරවලට අතුළුවීම සහ පිටවීම චීන රජය විසින් තාවකාලිකව නවතා ඇත.

2, කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබන සංචාරයන් (outbound group) චීනය විසින් අත්හිටුවා ඇත.

3, චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කණ්ඩායම් සම්බන්ධයෙන් මනා අවදානයෙන් පසුවන චීන රජය සැක සහිත උණ රෝගීන් පිළිබඳව වාර්තාකර ඔවුන් හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමට, කණ්ඩායමේ අනෙකුත් සමාජිකයින්ගෙන් සංචාරයෙන් වැලකී නිරෝධායන ක්‍රියාවලියට ලක්වන ලෙස ඉල්ලා සිටීමටත් කටයුතු කර ඇත.

4, චීන තානාපති කාර්යාලය උණ රෝගීන් සහ රෝගීන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා බලධාරින්ට ලබා දී තිබේ.

5,වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණි ඇති සංචාරකයින්ගෙන් ඔවුන්ගේ සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථාන වල ගැවසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින නිවේදනය කඩිනමින් චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇත.

6, හුබෙයි පළාත ඇතුළු වසංගත රෝගයට ගොදුරු වු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණිමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල් දමන ලෙස හෝ අවලංගු කරන ලෙස චීන තානාපති කාර්යාලය උපදෙස් ලබා දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements