Featured News

Video Gossip

Advertisement

ලංකාව වැඩක් නොගත් ලොවම පිළිගත් ලංකාවේ පර්යේෂකයා

වාතය හරහා කොරෝනා වෛරසය කෙනෙකුගෙන් කෙනෙකුට බෝවීම වලක්වා ගත හැකි නැනෝ තාක්ෂණික ක්‍රමවේදයක් කටුනායක ගුවන්මේ තොටුපොලෙහි ස්තාපිත කෙරිනි. ඒ පිලිබදව ගොසිප්99 අප ඔබට  ඊයේ පැවසුවා.

එය මේවන විට කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ක්‍රියාත්මක වනවා. ඒ මංජුල ගුනවර්දන මහතා ඇතුළු SLINTEC කණ්ඩායමේ සහයෝගයෙනි.

සම්මානලාභී ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ නව නිපැයුම්කරුවෙකු වන මංජු ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය හා වෙනත් වාතය මඟින් බෝවන රෝග සඳහා මෙම උපකරණයෙන් එම රෝග කාරක වෛරසය විනාශකරමින් වෙනත් අයකුට බෝ වීම වැලැක් විය හැකි බවයි.
එම විසඳුම ලෙස ඔහු පෙන්වා දෙන්නේ නැනෝ අංශු සහිත බල්බයක් වන අතර එය වායුගෝලයේ ඇති විෂ අංශු, බැක්ටීරියා සහ වෛරස් ඉවත් කරයි. එම නිපැවුම සඳහා මංජු ගුණවර්ධන මහතාට එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍රයක් පවා ඇත.

ඉන්ෆ්ලුවෙන්සා වැළැක්විය හැකි ආකාරය පිළිබඳ වසර හතක පර්යේෂණයකින් පසුව ඔහුගේ මෙම නව සොයාගැනීම CFL බල්බයක් හා සමානව භාවිතා කළ හැකි අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතයට නොගත්තත් එය දැනටමත් ඉන්දියාවේ බොහෝ වෛද්‍යවරුන් විසින් මෙම නව නිර්මාණය එරට භාවිතය සඳහා නිර්දේශ කර ඇත.

ගුණවර්ධන මහතා පවසන්නේ ඉන්දීය හිටපු ජනාධිපති ඒ.ආර්. අබ්දුල් කලාම් මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා පවා මෙම ප්‍රතිකාරය නිර්දේශ කර ඇති බවයි.

එසේම ජපානය, එංගලන්තය වැනි රටවල් ද ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තුරන් කිරීමට මෙම ප්‍රතිකාර ක්‍රමයට අනුමැතිය ලබා දී තිබේ.

නැනෝ අංශුව සමඟ පිටත පෘෂ්ඨය සහිත නැනෝ බල්බය සියලු වර්ගවල විෂබීජ විනාශ කිරීම සඳහා නාන කාමරවල හෝ මුළුතැන්ගෙයි හෝ සවි කළ හැකිය.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements