Advertisement

වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස චීනයේ ඉගෙනුම ලබන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන විභූති විශ්වජිත් වීරවංශද පසුගිය දා ලංකාවට පපැමිණි සිචුආන් සිසුන් අතර සිටි බව වාර්තා වනවා.

කොරෝනා වෛරසයට තදින්ම බලපා තිබෙන ප්‍රාන්තය වන වුහාන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව තවමත් අසමත්ව ඇති අතර ජපානය හා ඇමරිකාව පමණක් සිසුන් තම රටට ගෙන්වා ගෙන තිබෙනවා.
සිචුආන්හි සිසුන් මුල් වරට ගෙන ඒමට රජය උත්සුක වුණේ අමාත්‍යවරයාගේ පුත්‍රයා එහි සිටි නිසා බවට චෝදනා එල්ල වී ඇති බවද වාර්තා වනවා.

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශය එනම් වෛරසය පැතිරීමේ කේන්ද්‍රීය ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති ප්‍රාන්තය වන වූහාන් ප්‍රාන්තය ආසන්නයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව දීම වෙනුවට ඊට බොහෝ ඈතින් සිටින ප්‍රදේශවල සිසුන් කැඳවීම ගැටළු සහගත බව අයෝමා කොබ්බෑකඩුව ට්විටර් ඔස්සේ ප්‍රශ්න කර තිබෙනවා.

බලපෑම වැඩියෙන්ම තිබූ වූහාන් ප්‍රදේශයට ආසන්න සිසුන් වෙත ප්‍රමුඛතාව ලබාදීම වැදගත් වුවත් ඊට කිලෝ මීටර් දහසකට පමණ ඈතින් පිහිටි සිචුආන් ප්‍රාන්තයේ සිටින සිසුන් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීම පිටුපස අමාත්‍ය විමල් වීරවංශගේ පුතා එම ප්‍රාන්තයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම හේතුවීද යන්නයි ඇය ප්‍රශ්න කරන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements